Posts

සිව්දින තරගාවලියේ මංගල ශතකය

Image
   එක්දින තරගාවලිය අවසන් වී දින 5 ක් ඉක්මවාලීමට මත්තෙන් ආරම්භ වුණු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරගාවලිය ආරම්භ කරමින් අද පැවැති තරග වලදී පිතිකරුවන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය. ඒ අතරින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු මංගල ශතකයට හිමිකම් කියද්දී මහනුවර කණ්ඩායමේ ළහිරු උදාරත් ලසිත් කෲස්පුල්ලේත් ශතක පෙනී පෙනී දැවී ගියහ. දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජැෆ්නා කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු පන්දු 241 කට මුහුණ දෙමින් ලකුණු 141 ක් ලබා ගත්තේය. අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සමින්ද සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් වර්ණවත් කර ගත්තේය. එම ඉනිම ප්‍රධාන කොට පළමු දිනට තරගය අවසන් වද්දී යාපනය ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 311 ක් ලෙසින් සටහන්ව පැවැතිණ. කලම්බු පිලට එරෙහිව පැවැති තරගයේදී නිශාන් මදුශංක පළමු කඩුල්ල ලෙසින් ලකුණු 20 කදී දැවී ගියද දෙවැනි කඩුල්ලට නවෝද් පරණවිතාන සමඟ එක්වූ සමින්ද ප්‍රනාන්දු ලකුණු 157 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එහිදී පරණවිතානගේ දායකත්වය පන්ද

හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකු සංචිතයට

Image
   ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට  කැඳවා  ඇතැයි වාර්තා වනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහායි.  ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් ද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ශ්‍රී ලංකා පිළ ඉන්දීය සංචාරයේදී පන්දුවාර 20 යි 20 තරග 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහාභාගී වීමට නියමිතයි. පළමු පන්දුවාර 20 යි 20 තරගය පෙබරවාරි 24 වනදා ලක්නව්හිදී පැවැත්වෙනවා. දෙවන 20 යි 20 තරගය පෙබරවාරි 26 වනදාත්, 03 වන සහ අවසන් පන්දුවාර 20 තරගය පෙබරවාරි 27 වනදා ධරම්සාලාහිදී පැවැත්වීමට නියමිතයි.  ඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මාර්තු මස 04 වනදා මොහාලිහිදී ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු මස 12 වනදා බෙංගාලුරුහිදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවට එරෙහි විස්සයි-20 සටනට අෂේන්

Image
    ඉන්දියාවට එරෙහිව මේ මස 24 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පිට දඟ පන්දු යවන අෂේන් ඩැනියල්ව නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අදාළ තරග සංචාරය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ඩැනියෙල් හැරුණු විට සෙසු සියල්ලෝම ඔස්ට්‍රේලියාවට එරෙහි තරග සංචාරයට ඇතුළත් වූවෝ වෙති. තවමත් විසිඑක්වැනි වියේ පසුවන ඩැනියෙල් මරදාන ශාන්ත ජෝෂප් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වී සිටියි. ඉකුත්දා නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලිග් තරගාවලිය යටතේ මහනුවර කණ්ඩායම නියෝජනය කළ ඩැනියෙල් තරග 3 කදී කඩුලු 10 ක් දවා ගනිමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය දිනා ගත්තේය. ශූරතාව දිනූ ජැෆ්නා කණ්ඩායමට එරෙහිව මූලික වටය යටතේ පැවැති තරගයකදී  ලකුණු 27 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 5 ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වේ. එම සංචාරයට ඇතුළත්ව සිටියදී මහපටගිල්ලේ ආබාධයකට ගොදුරු වූ රමේෂ් මෙන්ඩිස්ගේ ස්ථානය සඳහා පිට දඟ පන්දු යවන ඩැනියල්ව කැඳවා තිබේ. ඔස්ට්‍රේලියානු තරග සංචාරයට ඇතුළත් වුණු අවිශ්ක ප්‍රනාන්දු සහ

අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළ

Image
    දින 27 ක් මුලුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති අභිනව නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් පැවැති අවසන් මහ තරගයේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ක්‍රීඩකයෝ අභිනව නැෂනල් සුපර් ලීග් ශූරයින් ලෙසින් අද (19 දා) කිරුළු පැළඳූහ. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය තරගාවලියේ තරගාවලියේ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 20 ක මුදලක්ද ජැෆ්නා කණ්ඩායම දිනාගනිද්දී අනුශූරතාවයට පත් කැන්ඩි කණ්ඩායමට මුදලින් ලක්ෂ 10 ක් හිමිවිය. ජැෆ්නා කණ්ඩායම ශූරතාව දක්වා ගෙන යෑමේ තිරය පිටුපස මහා මෙහෙයක් සිදුකරන ලද ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ තිළිණ කණ්ඩම්බි මහතාය. එල්.පී.එල්. තරගාවලි ද්විත්වයේදීම ශූරතාව දිනා ගැනීම සඳහා ජැෆ්නා කණ්ඩායමේ මහ මොළකරු ලෙසින් කටයුතු කරන ලද තිළිණ කණ්ඩම්බි මහතා, නැෂනල් සුපර් ලීග් එක්දින කිරුළද යාපනයට දිනාදීමට සමත්වීම, පුහුණුකරුවකු ලෙසින් ඔහු සතුව හැකියාව කොතෙක්ද යන්නට හොඳම මිණුම් දණ්ඩකි. එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයක

ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට වසර 40 ක් සපිරෙයි

Image
   ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අදට යෙදී තිබෙන පෙබරවාරි 17 වැනිදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයකි. ටෙස්ට් වරම් දිනාගත් ලොව 8 වැනි රට බවට පත්වූ ශ්‍රී ලංකාවට අද දිනට හරියටම වසර 40 ක් සපිරෙන බැවිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් සැලකෙන පළමු ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ හරියටම අද වසර 40 කට පෙර හෙවත් 1982 වසරේ පෙබරවාරි 17 වැනිදාය. ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති මෙම සුවිශේෂී තරගය වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල බන්දුල වර්ණපුරයන් විසින් මෙහෙයවන ලද අතර එංගලන්ත කණ්ඩායම කීත් ෆ්ලෙචර් විසින් දරනු ලැබීය. මංගල ටෙස්ට් වරම් හිමිකර දුන් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක පරාජයක් අත්විඳීමට සිදු වුවත් එම තරගය සිව්වැනි දිනය දක්වා රැගෙන යෑමට බන්දුල වර්ණපුරයන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 218 ක් රැස් කරගත්තේය. පන්දුවාර 81 කුත් පන්දු 5 ක් පුරා විහිදුණු ශ්‍රී ලංකා පළමු ඉනි

මහීෂ් හා නිස්සංක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

Image
    ICC නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංගට තුන්වැනි ස්ථානය හිමිව තිබෙනවා. ඒ පළමු ස්ථානයේ සිට ස්ථාන දෙකක් පහළට එමිනුයි. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ Tabraiz Shamsi හටයි. ශ්‍රී ලංකාවත් සමඟ මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වන ඕස්ට්‍රේලියාවේ Josh Hazlewood දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙකේ දී හසරංග කඩුලු පහක් දවා ගන්නට සමත් වුනත්, COVID-19 වයිරසය ආසාදනය වීම නිසා ඔහුට තෙවැනි තරගය අහිමි වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ වෙනසක් වනිඳු හසරංගටත් කොරෝනා! තරග දෙකක් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියාව තරගාවලිය ජය ගනී මේ අතර මහිෂ් තීක්ෂණ ස්ථාන 16ක් ඉදිරියට පැමිණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 29 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි විස්සයි විස්ස තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරුවන් අතර ස්ථාන 42ක් ඉදිරියට පැමිණ 21 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ

ආදර මාසයේ 1XBET වෙතින් මුදල් තෑගි දිනාගනිමු

Image
  විවිධ ක්‍රීඩා රස විඳින්න සහ €5,000 ත්‍යාග අරමුදලෙන් ඔබේ කොටස ලබා ගන්න! ප්‍රවර්ධන කාලය: 14 පෙබරවාරි 2022 – 24 පෙබරවාරි 2022   ත්‍යාග: 1 ස්ථානය — €1,500 2 ස්ථානය — €1,000 3 ස්ථානය — €800 4 ස්ථානය — €600 5 ස්ථානය — €300 6 ස්ථානය — €200 7-9 ස්ථානය — €100 10-15 ස්ථානය — €50 සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා: Spirit of the Lake Portal Master Starwins දිනන්නේ කෙසේද: ක්‍රීඩාවේ මෙවලම් නිර්ණායක: මෙම slots වලින් දිනාගත් සෑම €1 සඳහාම 100 ලකුණු ලබා ගන්න. නියමයන් සහ කොන්දේසි: තරඟාවලියට සහභාගී වීමට ඔබට පිරිනැමීමේ පිටුවේ "සහභාගී වන්න" ක්ලික් කළ යුතුය. සියලුම ත්‍යාග තරඟාවලියක් අවසන් වී පැය 72 ක් (වැඩකරන දින තුනක්) තුළ ගනුදෙනුකරුවන්ගේ ගිණුමට අරමුදල් ලෙස බැර කරනු ලැබේ. ත්‍යාගවලට අවශ්‍යතා නොමැත. ක්‍රීඩකයින් දෙදෙනෙකු සමාන ලකුණු සංඛ්‍යාවක් සමඟ තරඟාවලිය අවසන් කර දෙදෙනාම ත්‍යාගයක් සඳහා සුදුසුකම් ලැබුවහොත්, පළමුව ලකුණු ලබාගත් තැනැත්තා ජයග්‍රාහකයා වනු ඇත. ප්‍රතිපල ගණනය කරනු ලබන්නේ සැබෑ මුදල් උපයෝගී කරගනිමින් ඔට්ටු ඇල්ලීම මත පමණි. මෙම ප්‍රවර්ධනයට සහභාගී වීමෙන්, ඔබ තරඟාවලි නියමයන් සහ කොන්දේසි කියවා පිළිගෙන ඇති